ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටි - රංගල ස්වාභාවික තටාකය | Rangala Natural Pool 🇱🇰 👣👀🍃☘️👑️🧚👁️🙈🤳
මහනුවර නගරය පසු කර මහියංගනය - මහනුවර මාර්ගයේ තෙල්දෙණිය නගරයත් පසු කරනවාත් සමගම මෙම රංගල ගමට යන පාර හම්බෙනවා. මහනුවර සිට 37Kmක් වගේ පොඩි දුරකින් තමා මේ තටාකය පිහිටලා තියෙන්නෙ. පෞද්ගලික වාහනයක යනවා නම් ඉක්මනින් යා හැකියි. පොදු ප්‍රවාහනය භාවිතා කරනවා නම් මහනුවරින් තෙල්දෙණියට ගොස් එතැන් සිට රංගල හෝ පොද්දල්ගොඩ බස් රථයක යා යුතුයි.
සුන්දර පරිසරයකට හිමිකම් කියන මේ රංගල ග්‍රාමයේ ගොඩක් ප්‍රසිද්ධ තැනක් තමයි මේ ස්වභාවික තටාකය. ඒ වගේම දැනට ආසන්න වශයෙන් දිය නෑමට ගොස් 35 දෙනෙක්ගෙම ජීවිත බිලිගත් ස්ථානයක්. මෙතන දිය නෑමට නම් සුදුසු තැනක් නෙවෙයි පිහිනන්න බැරි නම් මෙතනට නොබැස්සාට කමක් නැ... නොපෙනෙන වලවල් තියනවා ඒ වගේම ගැඹුරට යන්න යන්න මෙම ජලයේ සීතල වැඩි වෙනවා.. අඩි 30කට ආසන්න ප්‍රමාණයක් මෙම ස්ථානය ගැඹුරු බවයි ගම් වාසීන් නම් කියන්නෙ..
🔆රංගල ස්වාභාවික තටාකය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රංගල හි පිහිටි සුන්දර ස්වභාවික තටාකයකි.
🔆රංගල ගම්මානය පිහිටා ඇත්තේ තෙල්දෙනිය සිට කි.මී. 15 ක් පමණ දුරිනි.
🔆ඉතින් මේ ස්ථානයට යන ගමනේ සුන්දරත්වය වැඩි කරන්න පාර දෙපැත්තේ තියන කුඹුරු සහ තේවතු සමත් වෙලා තියනවා.
🔆මෙම ස්වාභාවික තටාකය පැහැදිලි ජලයෙන් යුක්ත වුවද, එහි ගැඹුර අඩි 30 කට වඩා වැඩි වන අතර එමඟින් පිහිනීමට භයානක තටාකයක් බවට පත්වේ.
🔆රංගල ස්වාභාවික තටාකයේ පිහිටීම කොට ගඟට ඉහළින් කුඩා පාලමක් මගින් සලකුණු කර ඇති අතර එය නකල්ස් කඳු වැටියෙන් ආරම්භ වන අතර පාලමට ඉහළින් තටාකය දැකිය හැකිය.
🔆පල්ලෙහට ගලන් බහින පොඩි දිය ඇල්ලක් එක්ක තියන මේ ස්වභාවික තටාකය යාලුවන් එක්ක ඇවිල්ල විනෝද වෙන්න කියාපු තැනක්. නකල්ස් රක්ෂිතය ආසන්නයේ පිහිටා ඇති මේ ස්ථානය කිට්ටුව නවතින්න ආස අයට ඔන්නම් කළින්ම guest house එකක් එහෙම වෙන්කරගෙන එන්නත් පුළුවන්.
ලංකාවේ ලස්සන තැන් බලන්න ගියාට කමක් නෑ හැබයි සුන්දරත්වය ආරක්ෂා කරන්න මතක තියා ගන්න.
Rangala Natural Pool 🇱🇰
♻️Rangala Natural Pool is a beautiful natural pool situated in Rangala in the central province of Sri Lanka.
♻️The village of Rangala is situated approximately 15 km off Teldeniya.
♻️Although this natural pool looks inviting with its crystal clear water, it has a depth of over 30 feet which makes it a dangerous pool to swim in.
♻️The location of the Rangala Natural Pool is marked by a small bridge over the Kotaganga, originating from the Knuckles Mountain Range and the pool can be seen above the bridge.
🚨Rangala is situated in knuckles forest reservation near kotta ganga. Journey is starting with scenic tea plantations and ended on a hillside plateau. It is one of the most favorite destinations of Sri Lankan and foreign hikers. Hilltop is compatible for camping. Beyond forest is make a place for many days of wild trekking. But it's enough one or two days to reach to the first hilltop. If you are a nature lover or a hiker, few words are enough to describe the place, "It is a heaven"
Travel to rangala 👫💚








No comments:
Post a Comment